Help Centerඋපකාර මධ්‍යස්ථානය

How ClassEka worksClassEka භාවිතා කරන ආකාරය

Guides for teachers and students covering registration, class publishing, following classes, ratings, and recommendations. ලියාපදිංචිය, පන්ති පළ කිරීම, පන්ති follow කිරීම, ratings සහ recommendations පිළිබඳ ගුරුවරුන්ට සහ සිසුන්ට මාර්ගෝපදේශ.

සිංහල මාර්ගෝපදේශය

ClassEka.com කියන්නේ මොකක්ද?

ClassEka.com කියන්නේ ශ්‍රී ලංකාවේ Tuition පංති වෙනුවෙන්ම හැදුනු web අඩවියක්. මේකෙන් ගුරුවරුන්ට ඉතා පහසුවෙන් තමන්ගේ පන්ති පිලිබඳ විස්තර පල කරන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ට අවශ්‍යකරන පන්ති පහසුවෙන්ම සොයාගන්න පුළුවන්. විශේෂත්වය තමයි මේ හැම සේවාවක්ම ලැබෙන්නේ නොමිලේ වීම.

ClassEka.com සේවාවේ ඉලක්කය තමයි ශ්‍රී ලංකාවේ පවත්වන හැම tuition පන්තියක් ගැනම දත්තයන් එකම database එකක් තුලට ගෙන ඒම. ඒ මගින් ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට පහසුවෙන්ම අමතර පන්ති ගැන විස්තර එකම සේවාවක් තුලින් ලබාගන්න පුළුවන්.

ටියුෂන් පන්ති ගුරුවරුන්ට තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි තමන්ගේ පන්තිය පිලිබඳ හරි ප්‍රචාරයක් ලබා දෙන්නේ කොහොමද කියන එක. මේ වෙනුවෙන් මූලිකවම සහ පුළුල්වම භාවිතා කරන poster සහ cutout මාද්‍ය දැනට පවතින විවිධ නීති නිසා සංකීර්ණ වෙමින් පවතිනවා විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් විශාල මුදලකුත් වියදම් කරන්න සිද්ධ වෙනවා. මේ මගින් වන පරිසර හානිය සහ නගර අලංකරණයට වන බලපෑමත් සුළුවෙන් හිතන්න බෑ. මීට අමතරව භාවිත වන ගුවන් විදුලි සහ රුපවාහිනී දැන්වීම් මගින් පුළුල් ප්‍රචාරයක් ලබාගන්න පුළුවන් උනත් ඒ හැකියාව තියෙන්නේ අතලොස්සකට විතරයි.

මෙයට හොදම වීසදුම තමයි අන්තර්ජාලය හරහා තමන්ගේ පන්ති ගැන ප්‍රචාරයක් ලබා ගැනීම. ClassEka.com site එකේ විශේෂත්වය තමයි ගුරුවරුන්ට තමන්ගේම profile එකක් පහසුවෙන්ම හදාගෙන ටියුෂන් පන්ති පිලිබඳ තොරතුරු තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමේ හැකියාව සහ ඒ පන්ති පිලිබඳ විස්තර facebook වගේ සමාජ ජාලා වෙබ් අඩවි වල share කිරීමේ හැකියාව.

මේ විතරක් නෙවෙයි, ටියුෂන් පංති වෙනුවෙන් සැකසුන තවත් විශේෂාංග ගණනාවක් මේ web අඩවියේ තියෙනවා. එයින් කීපයක් තමයි,

  1. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ ගුරුවරුන් ශේණිගත කර ඔවුන් පිලිබඳ ඇගයීමක් (rating and recommendation) ලියා පල කිරීමේ අවස්ථාව.
  2. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතර පන්ති ඕනෑකර තිබේනම් ඒ පිලිබඳ විස්තරය පළ කිරීමට හැකි වීම.
  3. තමන් සහභාගී වන ටියුෂන් පන්ති Follow කිරීම මගින් තමන්ගේ Class List එකට එම පන්ති එකතු කරගත හැකි වීම.
  4. එම පංති follow කරන යහළු/යෙහෙළියන්ගේ (Class mates) විස්තර බලා ගැනීමට හැකිවීම සහ එකවර ඔවුන් සියල්ලට email යැවීමේ හැකියාව.
  5. ගුරුවරුන්ට තමන්ගේ පංති වලට සහභාගී වන (Follow කරන) ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විස්තර බලාගැනීමට හැකිවීම සහ ඔවුන්ට email alert යැවීමේ හැකියාව.

මෙහි ලියාපදිංචි වන්නේ කෙසේද?

  1. මෙම web අඩවියේ ලියාපදිංචි වීම ඉතා සරලයි.
  2. නමුත් මේ සඳහා ඔබට email ලිපිනයක් තිබීම අත්‍යාවශ්‍යයි.
  3. පළමුවෙන්ම ලියාපදිංචි වන්න (register) දිගුව (link) වෙත යන්න.
  4. එහිදී ඔබේ අනුවර්ත නාමය (Email) සහ රහස් වචනය (password) තීරණය කර ඔබේ email ලිපිනය ලබා දෙන්න.
  5. මෙම දත්තයන් යොමු කල විට ඊළග පිටුවේදී ඔබගේ අනෙකුත් විස්තර ලබා දිය හැකි අතර ගිණුම ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර අනිවාර්ය වේ.
  6. එම දත්තයන්ද ඇතුල් කල විට ඔබගේ email ලිපිනයට අප email පණිවිඩයක් එවනු ඇත.
  7. ඔබගේ email ලිපිනය තහවුරු කර ගැනීම සඳහා එම email පණිවිඩයේ ඇති දිගුව (link එක) click කිරීම අනිවාර්ය වේ.
  8. එවිට ඔබගේ ගිණුම සක්‍රිය වනු ඇත.
  9. email පණිවිඩයක් ලැබී නොමැතිනම් Contact Us ඔස්සේ ඒ පිළිබඳ අපට දැනුම් දෙන්න.

මම ගුරුවරයෙක්. මම කොහොමද පන්තියක් පලකරන්නේ?

  1. මේ සඳහා පළමුවෙන්ම ඔබ අපගේ web අඩවියේ ලියාපදිංචි විය යුතුයි. email ලිපිනයක් භාවිතා කරන ඕනෑම කෙනෙක්ට පහසුවෙන්ම අපගේ web අඩවියේ ලියාපදිංචි වෙන්න පුළුවන්.
  2. ඉන් පසුව ඔබගේ අනුවර්ත නාමය (Email) සහ රහස් වචනය (password) භාවිතා කර අපගේ web අඩවියට පිවිසුන පසු, පලකරන්න (Add Tuition) දිගුව ඔස්සේ ඔබගේ පංති විස්තර පහසුවෙන් ඇතුල් කල හැකියි.
  3. ඔබ පංති කීපයක් පවත්වනවානම් ඒ විස්තර වෙන වෙනම ඇතුල් කල හැකියි.
  4. පංති විස්තර ඇතුල් කිරීමෙදි යම්කිසි වැරදීමක් සිදු වුයේ නම් ‘Remove Class’ මගින් එම පන්තිය ඉවත් කර නැවත පංති විස්තරය ඇතුල් කරන්න.

උසස්ම ශිෂ්‍ය ඇගයීම් ලද ගුරුවරයෙක් වන්නේ කෙසේද?

ClassEka.com web අඩවියේ ලියාපදිංචි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ ගුරුවරුන් පිළිඹඳ ඇගයීමක් (recommendation) ලියා පළ කිරීමේ අවස්ථාව හිමි වේ. ඇගයීම ලියා පල කරන අවස්ථාවේදී එම ගුරුවරයා පිළිබඳ තමාගේ තක්සේරුවද (rating) සඳහන් කල යුතුය. මේ ආකාරයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබාදුන් ratings වල සාමාන්‍ය අගය ගුරුවරුන්ගේ විස්තර දත්තයන් සමග අප විසින් ප්‍රදර්ශනය කරනු ලැබේ.

උසස් ප්‍රමිතියකින් යුතුව තම පංති පවත්වාගෙන යන ගුරුවරුන්ට උසස් rating අගයක් ලබාගැනීමට හැකි වෙනු ඇති බව අපෙගේ අපේක්ෂාවයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් හටද තමාට උචිත, ‘හොදම’ පන්තිය තෝරාගැනීමට මෙය රුකුලක් වනු ඇත.

තවද, මෙම ක්‍රමවේදය තුලින් අමතර පංති වල ගුණාත්මක වර්ධනයක්ද අප විසින් බලාපොරොත්තු වෙනු ලැබේ.

සැලකිය යුතුයි: ගුරුවරුන් පිළිබඳව ලියා පලකරන ඇගයීමේ අන්තර්ගතය (recommendation) කෙලින්ම පළකිරීම උචිත යයි අප සිතන්නේ නැත. විශේෂයෙන්ම මෙය ගුරුවරයෙක් පිළිබඳ ශිෂ්‍යයෙක් දරණ මතයක් නිසා එය එක්වරම ප්‍රචාරය කිරීමෙන් තොරව, අප විසින් අදාළ ගුරුවරයා වෙත යොමුකරනු ලැබේ. එහි අන්තර්ගතය පළ කිරීමේ හෝ නොකිරීමේ තීරණය අදාළ ගුරුවරයා විසින් ගනු ලබනවා ඇත. කෙසේනමුත් එම ඇගයීමට අදාළ rating අගය අප විසින් කෙලින්ම ගුරුවරයාගේ දත්ත සටහනට ඇතුලත් කරනු ලැබේ.

English guide

What is ClassEka.com?

ClassEka.com is a website built specifically for sharing tuition class details in Sri Lanka. If you are a teacher, this is the best place to publish your tuition class information. If you are a student, our well organized and detailed search functionality will help you to find the best tuition classes that are suited for your requirement.

Not only that, there are number of other functionalities built specifically for tutors and students. Some of them are,

  1. The students are able to write a recommendation for their teachers and give a rating mark for them.
  2. The tuition wanted section to add students tuition class requirements.
  3. Ability to subscribe for a class by Following them. This will add the class to students My Class List.
  4. It is possible to get the details of your classmates, who are following the same class, and to send emails directly to them through this system.
  5. For teachers also it is possible to get the list of students who are ‘Following’ his/her classes. Also it is possible to send emails to all the class at once.

For Teachers

How to register in ClassEka.com

  1. It is very easy to register in ClassEka.com.
  2. First click on the Register Now link.
  3. Decide your Email and password and provide your email address. Submit the form.
  4. In the next page you will need to provide additional details to fill your profile.
  5. When you submit this information, we will send you an email to the specified email address.
  6. It is necessary to click on the link available in the received email to verify your email address.
  7. In case of any issues please contact us through the contact us form. We will help you to proceed with the registration.

I am a teacher. How do I publish my tuition class information?

  1. For this, first you have to register as a teacher in our system.
  2. Then, login to the system using your Email and password.
  3. Click on the Add Tuition link and submit your tuition class information.
  4. If you are conducting more than one class, please add them separately.
  5. If any tuition class information is invalid, it is possible to remove the class by using the Remove Class functionality.

How to remove a class?

  1. Login using your Email and Password.
  2. Go to the My Classes link under your profile.
  3. Click on the more details >> button of the tuition class that you want to remove.
  4. On the Tuition Class Details page click the Remove button.

How can I become a top rated teacher?

Registered students can give a rating and write a recommendation for their teachers. We will display those ratings together with the average rating score in teachers' profiles. We believe this will enable good quality teachers to achieve a higher rating.

Furthermore, we expect this will indirectly help to improve the quality of the service provided by teachers.

  1. Login using your Email and password.
  2. Search for the teacher.
  3. Go to the Teachers Profile page.
  4. Click on the button Recommend this teacher available in the teacher's profile.
  5. Write a recommendation and select your rating.
  6. Click on Submit.

How to add students to my classes?

  1. Students need to create their own profiles.
  2. Once a student logs in, they can see the Follow this class button in the Tuition Class Details page.
  3. When students are Following your classes you can see them under My Students.

How do I authorize the recommendations written for me?

It is entirely your choice to decide whether you are going to authorize the recommendations written by students to show in your public profile.

The recommendations will not be visible in your public profile until you verify and authorize them.

To authorize recommendations,

  1. Login using your Email and password.
  2. Go to the My Recommendations page.
  3. In each recommendation there is a button called Authorize this comment.
  4. Carefully read the comment and authorize it to show in the public profile.
  5. Please note that the given rating will always be visible in your public profile.

How do I send an email to all my students?

  1. Login using your Email and password.
  2. Click on the My Students link available under your profile.
  3. You can see all the students who are Following your classes.
  4. Click on the Send email to all my students link.
  5. Compose the message and click Send.

For Students

Register as a student

  1. Click on the Register now link and provide your registration details.
  2. In the next step, complete the profile providing your details and qualifications.
  3. You will receive an email to the registered email account. Click on the activation link (or call us to activate your account).
  4. Now you are registered as a student.

How do I post my tuition class requirements?

  1. Login using your Email and password.
  2. Click on the Tuition Wanted menu link.
  3. Click Post >> under the Post your requirement section.
  4. Fill in the form to provide your tuition class requirement details and click save.

How to follow classes?

  1. Login using your Email and password.
  2. Once logged in you can see the Follow this class button in the Tuition Class Details page.
  3. When you are Following a class you could get important email alerts from your teacher.
  4. This also enables you to see your classmates.

How can I find my classmates?

  1. Login using your Email and password.
  2. To see your classmates, first you have to Follow a class.
  3. Go to the My Classmates link under your profile.
  4. Select a class from the list.
  5. You will see a list of students who are Following the same class under each class id.

How ratings and recommendations work?

Registered students can give a rating to their teacher, and they can also write a recommendation.

To recommend a teacher,

  1. Login using your Email and password.
  2. Search for the teacher.
  3. Go to the Teachers Profile page.
  4. Click on the button Recommend this teacher available in the teacher's profile.
  5. Write a recommendation and select your rating.
  6. Click Submit.

How do I send an email to all my classmates?

  1. Login using your Email and password.
  2. Go to the My Classmates link under your profile.
  3. You can see a list of other students Following the same class.
  4. Click on the Send email to all classmates link.
  5. Compose the message and click Send.
Top ඉහළට